IMF ගිවිසුම ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Sajith Premadasa Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Apr 23, 2023 04:30 PM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතු වුවත් ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමට වත්මන් රජය සැලසුම් සකස් කරමින් සිටින බවයි.

IMF ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය. එහිදී ඔහු පැවසුවේ, වත්මන් රජය රට වෙන්දේසිලන්තයක් බවට පත් කර ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

"අවසාන මොහොතේ IMF වැඩසටහනකට යෑම තුළ රජය අපොහොසත් වුණා රටේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් රටට ලබා ගත හැකි හොඳම ගිවිසුම රටට ලබා ගන්න. ඉතා පැහැදිලියි ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතුමයි. බංකොළොත් රටකට අලාභ ලබන ආයතන නඩත්තු කිරීමේ හැකියාවක් නෑ.

එනමුත් මේ මොහොත වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ දුර්වල ප්‍රතිපත්ති නිසා ලෝකයේ සිටින ධන කුවේරයින්ට විවිධ ජාත්‍යන්තර ආයතනවලට රටේ සම්පත් කුණුකොල්ලයට විකුණන ඒ තුළ ජාවාරම්කාරී ධන කුවේරයින්ට අපේ රට වෙන්දේසිලන්තයක් බවට පත්වෙලා තියෙනවා.

ලාභ ලබන ආයතන විකිණීමේ සැලසුම රාජය ක්‍රියාත්මක කරනවා. මෙතනදී රජය සිදුකළ යුත්තේ සිංගප්පූරුවේ හා මැලේසියාවේ වැනි විවිධ ආකෘති අනුගමනය කරලා අපේම රටේ ආකෘතියක් සකස් කරගත යුතුයි. අලාභ ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමටත්, ලාභ ලබන ආයතන වැඩි ලාභයක් ලබන ආයතන බවට පරිවර්ථනය කර ගැනීමටත්."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now