දරුවන්ව සන්නද්ධ කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Sajith Premadasa Sri Lanka
By Sewvandhi Apr 09, 2023 11:16 AM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, රටට යහපත් අනාගතයක් උරුමකරදීමට නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ තාක්ෂණයෙන් දරුවන් සන්නද්ධ කළ යුතු බවයි.

එතුමා, මේ බව සඳහන් කළේ තිස්සමහාරාමය යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ සුහුරු පන්ති කාමරය සඳහා පරිගණක හා උපකරණ පරිත්‍යාග යකට එක්වෙමිනුයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “සක්වල” වැඩසටහනේ 28 වැනි වැඩසටහන මෙම තිස්සමහාරාමය යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ පැවැත්වුණු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා. 

 එහිදී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුතු පරිගණක හා උපාංග පාසලට පරිත්‍යාග කෙරුණු අතර තවත් පාසල් 22කට මෙලෙස පරිගණක පරිත්‍යාග කිරීම නුදුරේදීම සිදුකිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now