ලගදීම සජිත්ට ලොකු තනතුරක්.. ?

By Sithumi Apr 02, 2023 06:09 PM GMT
Report

නුදුරේදීම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ආණ්ඩුවට එක් වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළා.

මෙතෙක් සතුරා බොරුවට බෙදී සිටි බවත් මේ වන විට ගිලිහෙමින් යන තම බලය ආරක්ෂා කර ගැනීම සඳහා සතුරා එකට එක් වෙමින් සිටින බවත් හෙතෙම කියා සිටියා.  

ජාතික ජන බලවේගය විසින් කොළොන්නාවේදී සංවිධානය කර තිබු ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එන්නේ නම් තමන්ගේ ඕනෑම තනතුරක් ඔහුට ලබාදීමට සූදානම් බවයි.

තමන් දරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු ද සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය නම් ලබා දිය හැකි බව ද හෙතෙම කියා සිටියේ මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරන්නේ.