විපක්ෂනායකවරයාගේ කොන්දේසි විරහිත සහය..

Sajith Premadasa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Aug 17, 2022 06:39 AM GMT
Report

වරප්‍රසාද ලබාගැනීමේ අරමුණින් සර්ව පාක්ෂික ආණ්ඩුකට සහාය ලබානොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කාර්යාලයේ දී කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග පැවැති හමුවදී පැවසීය.

එහෙත් රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සඳහා කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව ඔහු කියා සිටියේය.

ඒ මහතාගේ එම ප්‍රකාශය පහතින්,

"අපිට කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවකට මැති ඇමති තනතුරු ගන්න එන්නලු.ආරංචි විදියට ඇමතිවරු විශාල ප්‍රමාණයක් පත්කරන්න යනවා.මේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රමවේදයේ වෙනසක් නෙමෙයි.සිස්ටම් චේන්ජ් එකක් නෙමෙයි.තිබුණු ජරා ජීර්ණ වූ සිස්ටම් එක තවදුරටත් ක්‍රියාත්මක කිරීම.

අපි සුදානම් නෑ මැති ඇමති වරදාන අරගෙන ජනතාවගේ කරපිට බදු බර පටවන්න.හැම ඇමතිවරයෙක්ම නඩත්තු කිරීමට යන මුදල පාවිච්චි කරන්න පුළුවන් මේ රටේ දරුවෝ ජීවත් කරවන්න.බොහෝම පැහැදිලිව කියන්න කැමතියි සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රගතිශීලි කණ්ඩායම් සියල්ලක්ම මැති ඇමති වරප්‍රසාද ලබාගැනීමේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.හැබැයි රට ගොඩනගන ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලට අපි පාර්ලිමේන්තුවේ තිබෙන කමිටු හරහා සාධනීය සහයෝගයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join