ඉදිරියේදී රට මුහුණ දෙන භයානක ඉරණමක් ගැන සජිත් ගෙන් හෙළිදරව්වක්..

Sajith Premadasa Sri Lanka Ceylon Electricity Board Samagi Jana Balawegaya
By Aruna Jul 25, 2022 06:01 AM GMT
Report

බල ශක්තියේ බලය විදේශයන්ට ලබාදීම රටත් ජනතාවත් ඉදිරියේදී මුහුණ දෙන ඉතා භයානක තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.

රටේ බලශක්තිය මෙහෙය වීමේ බලය පිටරටවලට භාර දීමෙන් සිදුවන්නේ රට අන්ධකාරයට හෙලීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ බලශක්ති පද්ධතිය ඉදිරියට ගෙනයන නව විදුලිබල ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම තම අරමුණ බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හමුවෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

විදුලිබල මණ්ඩල යනු ජාතික සම්පතක් වන අතර එය සුරක්ෂිත කොට ගොඩ නැංවීමත්, වඩා ලාභදායී තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ග සැලසුමත් වහා ක්‍රියාත්මක කළ යුතු බව ද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එහෙත් බොහෝ දෙනා සිදුකරමින් සිටින්නේ විකුණා දැමීම සහ පෞද්ගලිකරණය කිරීම බවද ඔහු තවදුරටත් කීවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now