අරගලකරුවන් සහ සජිත් අතර විශේෂ සාකච්ඡාවක්..!!
ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයින් අද(18) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණා.
එම හමුවෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ අදහස් දැක් වූ අරගලයේ නියෝජිතයන් කියා සිටියේ, ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහත් සහ ඔවුන්ගේ රජයත් ඉල්ලා අස් වීම බවත්, ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් අද(18) විපක්ෂ නායකවරයා හමුවුණා.
අදාල සාකච්ඡාවේ දී, ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරී සැලැස්මට, ඉදිරියේ දී තේරී පත්වන ඕනෑ ම රජයක් අවනත විය යුතු බවත් සජිත් ප්‍රේමදාසට දැනුම් දුන් බව ඔවුන් එහි දී වැඩි දුරටත් කියා සිටියා.
අදාළ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයින් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරත්වය තමන්ට ප්‍රකාශ කළ බවයි.
තමන් හෝ තම පක්ෂය හෝ සන්ධානය මීට පෙර කිසිම අවස්ථාවක ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයන් පහත හෙළා නැති බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉදිරියේ දී ද එසේ නොකරන බවටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |