විපක්ෂනායකවරයා ගත් තීරණයට සමගි ජන සන්ධානය ගත් පියවර..
Sajith Premadasa
Sri Lanka Politician
President of Sri lanka
By krishani
අනුප්‍රාප්තික ජනපති ධුරය සඳහා ඉදිරිපත් වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඊයේ(16) දින රැස් වී ඒකමතිකව සම්මත කර තිබේ.
නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 19 වැනිදා උදෑසන සිදුකෙරෙන අතර ජනාධිපතිවරයා පත්කර ගැනීමට ලබන 20 වැනිදා සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ ය.
ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |