"..මාතෘ භූමිය භාරගන්න සූදානම්.." විපක්ෂ නායකවරයාගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක්..! (VIDEO)

Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Samagi Jana Balawegaya
By Sewvandhi Jul 11, 2022 08:48 AM GMT
Report

ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (11) දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ, රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීමට විපක්ෂය සුදානම් බවය.

"ඔවුන් එකතු වෙලා මේ ලස්සන මාතෘ භූමිය විනාශ කරලා අවසන්. විපක්ෂයේ අපි සුදානම් රට ස්ථාවර කිරීමෙන්, රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබාදීමට. අපි ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කරනවා. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුමක් නෑ. 

මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ සිටින කවුරු හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවා නම්, ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට. අපි සුදානම් මාතෘ භූමිය රැක ගන්න. මාතෘ භූමියට නායකත්ව ලබාදෙන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මව්බිමට ජයවේවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now