"..මට වාසනාව ගෙනාවේ මගේ කොණ්ඩේ..බඳින්න තියා තනියමවත් ජීවත්වෙන්න අමාරුයි.." - සුරූපී නිළි සඳනි ප්‍රනාන්දු..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sewvandhi Mar 20, 2023 02:49 PM GMT
Report

පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඇය මේ දිනවල ගායන ක්ෂේත්‍රයටත් පිවිසිලා තියෙනවා. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් මේ දවස්වල රූපගතකිරීම් එක්ක වැඩි කාලයක් ගත කරන නිසා තරමක් කාර්යබහුලයි කියලයි සඳනි කියන්නේ.

ඒ වගේම වෙළෙඳ දැන්වීම් හරහා තමයි ඇය කලාවට යොමු වුණේ. ඇය මුලින්ම පෙනී හිටියේ බිස්කට් දැන්වීමක. ඉතින් ඊට පස්සේ ඇයට දිගටම වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා කියලයි සඳනි නම් කියන්නේ. ඒ වගේම 2016 දී වගේ කරපු වෙළඳ දැන්වීමක් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් කතාබහට ලක්වුන නිසා ප්‍රේක්ෂකයෝ ඇයව සොයන්න ගත්තෙත් වෙළඳ දැන්වීම් පෙනී සිටීමත් එක්ක කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මොන වෘත්තිය කළත් රංගනය අතාරින්නේ නැහැ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයගේම කියලා සිංදුවක් කරන්න ඇයට කාලයක් තිස්සේ ලොකු හීනයක් තිබුන නිසා ඒ හීනය පසුගිය දවස්වල සැබෑ කරගන්න ඇයට හැකියාව ලැබුණා. ඒ ගීතයේ නම තමයි ‘ආදරේ මා නමින්’. ඉතින් පියත් රාජපක්ෂ සමගයි ඇය එම ගීතය ගායනා කරන්නේ. ඒ වගේම පියත්ගෙන් ඒ ගීතය ගයන්න ඇයට ලොකු සහයෝගයක් ලැබුණා කියලත් සඳනි කියනවා.

ඉතින් පුංචි කාලේ ඉඳලාම සංගීතයට ඇය හරිම ආසයිලු. ඒ වගේම පාසල් කාලේ ඉඳලා ඇයට යම් දුරකට ගායනා කරන්න හැකියාවක් තිබුණා කියලයි ඇය කියන්නේ. හැබැයි ඇයට ඒ ආසාව ඇති වෙලා තියෙන්නේ ඇයගේ අයියා නිසා. ඔහු තමයි තිළිණ ප්‍රනාන්දු. ඉතින් ඔහුත් සංගීත ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. ඒ වගේම ඇයගේ කර්ල් කොණ්ඩෙට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා කියලත් ඇය කියනවා.

ඉතින් ඇයට ජීවිතේ ගොඩක් තැන්වල වාසනාව ගෙනත් දීලා තියෙන්නේ ඇයගේ කොණ්ඩේ කියලයි සඳනි නම් කියන්නේ. ඒ වගේම රංගනයට පිවිසීමට ඇයගේ පෙනුමත් හේතුවක් වුණා කියලා ඇය විශ්වාස කරනවාලු. ඒ වගේම ඇය තව අවුරුදු දෙකකින් විතර තමයිලු විවාහ වෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාලේ බඳින්න තියා තනියමවත් ජීවත්වෙන්න අමාරු කාලයක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය පියත්ට කැමැති වීමේ විශේෂතම හේතුව සංගීතයට තියෙන ආදරය සහ ආසාව නිසා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් ඇය ආදරේ කරන්නේ ගායකයාට වඩා ඒ පුද්ගලයාට කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.(උපුටාගැනීමක්)


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery