මම පොඩි කාලේ ඉදන්ම කැමැත්තෙන් හිටියේ නිලියක් වෙන්න, මගේ වාසනාවට ඉබේම ඒ හීනය සැබෑ වුණා-සචින්ත්‍යා අරුන්දතී (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 11, 2023 06:03 PM GMT
Sithumi

Sithumi

in රචනා
Report


මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කොයි කවුරුත් ආසාවෙන් බලන නාට්‍යය දෙකක් තමයි කෝලම්කුට්ටම සහ කියාදෙන්න ආදරේ තරම් කියලා කියන්නේ කියන්නේ. ඉතින් කෝලම්කුට්ටමේ සංගීතාගේ චරිතය හරහා වගේම කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ චමදරීගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම නවක සුරූපී රංගන ශිල්පිනියක් තමයි සචින්ත්‍යා අරුන්දතී කියලා කියන්නේ.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය 2022 සිරස වසන්ත කුමරිය ලෙස අබිසෙස් ලැබුවාට පස්සේ තමයි ඇයට රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම සිරස වසන්ත කුමරිය ලෙස තේරීම නිසා ඇයගේ හීනයට යන පාර හැදුණා කියලත් ඇය කියනවා. 

ඒ වගේම ඇයගෙ මුල්ම නාට්‍ය තමයි කෝලම්කුට්ටම ටෙලි නිර්මාණය. කොහොම නමුත් ඇය පොඩි කාලෙ ඉඳන්ම කැමැත්තෙන් හිටියේ නිළියක් වෙන්න කියලයි ඇය කියන්නේ. ඉතින් ඉස්සර ඉදන්ම ඇය අම්මට අප්පච්චිට නිතරම කියලා තියෙනවාලු ඇයට නිළියක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම එයාලා ඇයට හැමතිස්සෙම කිවුවෙ මුලින්ම හොඳට ඉගෙන ගන්න, හොඳින් ඉගෙන ගත්තොත් නිළියක් වෙන්න අවස්ථාවක් දෙන්නම් කියලාලු. ඉහින් ඒ අවස්ථාව අද වෙද්දි ලැබිලා තියෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ අම්මා ගුරුවරියක්, අප්පච්චි රාජ්‍ය නොවන සංවිධානයක විධායක අධ්‍යක්ෂවරයෙක්. ඇයගෙ මල්ලි දැනට ශ්‍රී ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉගෙන ගන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් මේ හැමෝගෙම සහාය ඇයට ලැබෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය පාසලේදී පාසල් වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවාලු.

ඊට පස්සෙ ඇය ධනුශ්ක රත්නායක මෙහෙයවන වීණාවි ඇක්ටින් ස්කූල් එකට සම්බන්ධ වුණා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් දැනට ඇයට ලැබිලා තියෙන්නේ ටිකක් දඟකාර කෙළිලොල් චරිත කියලත් ඇය කියනවා. ඒ නිසා ඇය ආසයිලු ටිකක් අහිංසක තැන්පත් චරිතයක් කරන්න. ඒ වගේම විලන් චරිතයක් කරන්නත් ආසයි කියලත් ඇය කියනවා. මොකද හැම චරිතයක් තුළින්ම අත්දැකීම් ලබන්න පුළුවන් නිසා විවිධ චරිත කරන්නලු ඇය කැමති.

ඒ වගේම ඇය දැනට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබනවා. ඒ නිසා අධ්‍යාපන කටයුතු කරගෙන යනගමන් හොඳ නිර්මාණවලට අවස්ථාව ලැබුණොත් ඉදිරියේදී දායක වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.