ඉන්දියාවට පැන්න මෙරට පාතාල තරුණයාට සිදුවූ දේ..

Sri Lanka Tamil Nadu Police India
By Sewvandhi Feb 22, 2023 09:57 AM GMT
Report

 මෙරට අපරාධ රැසකට සම්බන්ධ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පළාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මණ්ඩපම්හි සරණාගත කඳවුරක රැඳී සිටියදී අදාළ පුද්ගලයා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

එස්. සිංතුජන් නම් 22 හැවිරිදි මෙම පුද්ගලයා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවට අනාවරණය වී තිබේ.

වැඩිදුරටත් වාර්තාවන්නේ සැකකරු මෙරටදී පොලිස් අත්අඩංගුවට පත්වීම වළක්වාගැනීමේ අරමුණින් පසුගිය 17 වනදා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් තමිල්නාඩු ප්‍රාන්තයට පළාගොස් ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now