ඇමති සොයුරාට අධිචෝදනා..!

S M Chandrasena Sri Lanka
By Sewvandhi Apr 03, 2023 10:14 AM GMT
Report

 අද (03) කොළඹ මහාධිකරණය හමුවේඋතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 5,379,629 ක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන් පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින එම පළාතේ හිටපු මහ ඇමති එස්.එම්රංජිත් මහතාට  අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ එම චෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත් අධිකරණය නියම කර තිබේ.

2012 සහ 2014 කාලය තුළ අමතර ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් 5,379,629ක රජයේ මුදල් අවභාවිතා කිරීම සහ එම ඉන්ධන දීමනාව ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන් පෙළඹවීම ඇතුළු අධිචෝදනා අටක් යටතේ අල්ලස් කොමිසම විසින් උතුරු මැද හිටපු පළාත් මහ ඇමති රංජිත් ට එරෙහිව එම නඩුව ගොනුකර තිබේ.

එස්.එම්. රංජිත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාගේ සොහොයුරා වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now