මත්තල වැඩ අරඹයි. රුසියාවේ ‘රෙඩ් වින්ග්ස්" මංගල ගමන මත්තලට.

Hambantota Sri Lanka Rajapaksa Family Russian Federation
By Wayomi Dec 29, 2022 08:46 AM GMT
Report

රුසියාවේ ‘රෙඩ් වින්ග්ස්’ ගුවන් සේවය අද සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ඇරඹුවා.

ආරම්භයේදීම ‘රෙඩ් වින්ග්ස්’ ගුවන් සේවයට අයත් යානයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසන්නේ, එම ගුවන් සේවය සතියට දෙවරක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කිරීමට නියමිත බවයි.

පළමු ගුවන් යානයෙන් රුසියානු සංචාරකයින් 398 දෙනෙකු මෙරටට පැමිණි අතර මේ සමඟ රුසියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක සෘජු ගුවන් සේවා සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ යනු ඇති. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW