රෝසිට ගේන අලුත්ම බන්ඩියට මාසෙට ලක්ෂ 05ක්..රෝසි අකමැත්තෙන් කැමත්ත දෙයි..

Political United national party Samagi janabala wegaya Rosi senanayake Colombo urban councillor
By Aruna Dec 30, 2021 05:37 AM GMT
Report

කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට වාහනයක් කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මාසිකව වෙන්කිරීමට නගර සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඇය මෙතෙක් භාවිතා කළ නිල රථය අලුත්වැඩියාව සඳහා යොමු කර ඇති නිසා මෙලෙස වෙනත් වාහනයක් කුලියට ගැනීම සිදුවන බවට අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් නගරාධිපතිනිය සඳහන් කළාය.

ඊට විරෝධය පල කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වියදම් අවම කිරීමේ අවශ්‍යතාවයක් ඇති අවස්ථාවක මෙවන් අධික මිල ගණන් වලට වාහන කුලියට ගැනීම අනුමත කළ නොහැකි බවයි.

තමන්ද එම විරෝධය පිළි ගන්නා බවත් අකමැත්තෙන් වුවද විකල්පයක් නොමැති නිසා එසේ කරන්නට සිදුවී ඇති බවද රෝසි සේනානායක මහත්මිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now