මෙරට සිල්ලර ඉන්ධන වෙළඳාමට විදෙස් සමාගම් 3කට අනුමැතිය. එම සමාගම් මෙන්න.

Sri Lanka Kanchana Wijesekera
By Wayomi Mar 27, 2023 12:38 PM GMT
Report

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීම සඳහා විදෙස් සමාගම් 3කට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ, Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වලට වන අතර විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණා.

මේ අතර මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවනු ඇති.

ඒ අනුව අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW