ජනාධිපතිවරයාගේ ඉවත් වීම සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් විශේෂ නිවේදනයක්.. (PHOTO)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය අද (15) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඉදිරිපත් කළේ ය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය අංශයෙන් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ,
තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මව්බිමට සාමය දිනා දීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර විශිෂ්ටත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනපතිවරණ ජයග්‍රහණය විජයග්‍රාහණයක් කරන ලද්දේ ඉතිහාසගත ජන වරමෙන් බවයි.
ජනාධිපති ධුරයට පත් වී මාස 03ක් ගත වීමට මත්තෙන් කොවිඩ් ව්‍යසනයෙන් රට වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ සංකීර්ණ අභියෝගයට මුහුණදීමට ද හිටපු ජනාධිපතිවරයාට සිදු වූ බවත් ශ්‍රී ලංකා හිටපු 07 වැනි විධායක ජනාධිපතිවරයා විසින් මෙම වසංගතය සාර්ථකව විධිමත්ව කළමනාකරණයට සමත් වූ බව ජාත්‍යන්තරය පවා පිළිගෙන ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
කෙසේවෙතත් කොවිඩ් අර්බුදයත් සමග රට තුළ ඩොලර් අර්බුදය නිර්මාණය වූ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරන්නේ, හිටපු ජනාධිපතිවරයා ගත් මෙම ඉල්ලා අස්වීමේ තීන්දුව දුෂ්කර තීන්දුවක් බවයි.
බිහිසුණු යුද බිමේ රණවිරුවෙකු ලෙසත් රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙසත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙසත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ සේවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ආචාරය පුද කරනු ලබනවා
එමෙන්ම ඔවුන් අවසන් වශයෙන් සඳහන් කර ඇත්තේ අනාගත පුරවැසියන්ගේ හෘද සාක්ෂිය තුළින් ඔබ වැනි අවංක මිනිසෙකුගේ වටිනාකම පිළිබඳ සංවාදයක් නියත වශයෙන් ම නිර්මාණය වනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
