මාධ්‍යට අදහස් දක්වමින් කතානායකවරයා සිදුකළ නිල ප්‍රකාශය.. (PHOTO/VIDEO)

Gotabaya Rajapaksa Mahinda Yapa Abeywardena Sri Lanka President of Sri lanka
By krishani Jul 15, 2022 04:32 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(15)දින නිවේදනය කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා කියා සිටියේ 2022 ජූලි 14 වැනි දින ජනාධිපතිවරයාගේ නිල ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

නව ජනාධිපතිවරයෙකු පත්කිරීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා 2022 ජූලි 16 වැනි සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවීමට අදහස් කරන බව ඔහු පැවසීය.

ඉදිරි දින 7 තුළ නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් කිරීමට ද අදහස් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නව ජනාධිපතිවරයකු පත් කර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු කටයුතු කඩිනමින් සිදු කිරීම මගේ අරමුණයි. ඒ සඳහා සියලු පක්ෂ නායකයන්ගේ සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.” මෙම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙස ද කථානායකවරයා සියලු දේශපාලන පක්ෂවලින් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery