ඔබ මොවුන්ව දැක තිබේද..? අත්‍යවශ්‍යම සැකකරුවන් තිදෙනෙකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි..!

Sri Lanka Police Sri Lanka
By Sithumi Jul 21, 2022 11:49 AM GMT
Report

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

පසුගිය 11 වැනිදා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝ 38කට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත අතර ඔවුන් ගෙන් සිදු කළ විමර්ශනවලදී තවත් තිදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සැකකරු නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් වන 33 හැවිරිදි මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර එක් කාන්තාවක් ඔහුගේ බිරිඳයි . ඇය පත්තිනිගේ සාජිකා ලක්ෂානි වන අතර 27 හැවිරිදි වියේ පසුවනවා.

අනෙක් සැකකාරිය සංඝමිත්තා පාර, උදාකල ගම, නව නගරය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි නිශාන්ති අබේසේකර යි .

මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් , 0718592727, 0112343333/4 ,0718591881 යන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery