පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ඇතුළු 18 දෙනා ගැන අධිකරණය දුන් නියෝගය.
Sri Lanka
By krishani
අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇප මත මුදා හැර ඇත.
ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් මුදාහැර ඇති බව පොලීසිය පැවසීය.
කෙසේවෙතත් ඔවුන්ට අධි ආරක්ෂිත කලාප වලට ඇතුළත් නොවන ලෙස අධිකරණය විසින් ලබාදෙන නියෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර ඇත.
ඊයේ (11) ඔවුන් අත්අඩංගුවට ගැනුණේ යාපනය ප්‍රදේශයේ දී අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |