රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි..රැස්වීමක් අතරේදී සිදුවූ දේ මෙන්න.(PHOTOS)

Accident
By Aruna Jan 13, 2023 01:14 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (12) රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක් වී රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා එම රෝහල් දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පැවති රැස්වීම අතරතුර පපුව අල්ලාගෙන සිටි හිටපු මහ ඇමතිවරයා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකළ බවත් වාර්තා වනවා.

ඔහු මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇත්තේ ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයන් තෝරාගැනීම සදහා සාකච්ඡාව සිදුව ඇතැයි ද කරුණු වාර්තා වනවා.

මෙම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක්ද සහභාගි වී සිට ඇතැයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery