රාත්‍රී කාලයේ කකුලේ කෙණ්ඩා පෙරළීමට බලපාන හේතු.

By Wayomi Sep 14, 2022 07:57 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කකුලේ කෙණ්ඩා පෙරළීම කියන්නේ ඉතාමත් වේදනාකාරී තත්වයක්. ගොඩක් දෙනෙක් මේ තත්වයට මුහුණ දෙන්නේ රාත්‍රී කාලයේදීයි. ඉතින් මේ කියන්න යන්නේ කෙණ්ඩා පෙරළීමට බලපාන හේතු සහ කකුල් වල මස් පිඬු පෙරළීම නිසා ඇතිවන ඇති වන වේදනාවන් සමනය කරගන්නේ කොහොමද කියලයි.

රාත්‍රියේදි කකුලේ මාංශ පේශීන් පෙරළීමට හේතු


විජලනය

🦵ජලය සිරුරේ මාංශ පේශි ක්‍රියාකාරීත්වයට ද වැදගත්.

🦵පේශි පටක වලින් 75%පමණ සමන්විත වන්නේ ජලයෙනි.එමඟින් පේශී පහසුවෙන් සංකෝචනය වීමට හා ලිහිල් වීමට ආධාර කරන අතර ඔබේ ශරීරයට ජලය නොමැතිව විජලනය වී ඇති බව ඔබට හඟවන, ශරීරයේ පවතින එක් ක්‍රමයක් තමයි කකුලේ කෙණ්ඩා පෙරළීම.

🦵ඒ නිසා දවස පුරා හොඳින් ජලය පානය කිරීම වැදගත්.


පෝෂණ ඌනතා

🦵 සිරුරේ සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් හා මැග්නීසියම් වැනි ඛනිජ ඉලෙක්ට්‍රොලයිට අසමතුලිත වීම රාත්‍රීයේදී හා ව්‍යායාම කිරිම හා සම්බන්ධ කෙණ්ඩා පෙරළීම් තත්වයන් නිතර ඇතිවිමට හේතු වෙනවා.

🦵 මෙම ඛනිජ ලවණ ස්නායු ආවේග හා පේශි සංකෝචන ක්‍රියාකාරීත්වය සිදුවීමටත් පේශි සුමට ලෙස ක්‍රියා කරවීමට බලපානවා.

🦵 සිරුරේ නිසි තරල සමතුලිතතාවක් පවත්වාගැනීමට උපකාර කරන්නේ ඩෝසියම්.

🦵 එමෙන්ම ස්නායු ආවේග ජනනය වීම හා පේශී සංකෝචනයට ද වැදගත් .

🦵 පොටෑසියම් සිරුරේ සෑම සෛලයකම පවතින වැදගත් ඉලෙක්ට්‍රොලයිටයකි.සෝඩියම් හා ක්ලෝරයිඩ් සමඟින් ක්‍රියාකරමින් ස්නායු හා පේශීන් වල විද්‍යුත් ආවේග ජනනය කරවයි.

🦵 කැල්සියම් පේශි සංකෝචනය වීමට හා ස්නායු ආවේග ජනනය වීමට ද දායකත්වය ලබාදෙයි.

🦵 මැග්නීසියම් මඟින් පේශි සංකෝචනයට වැදගත් ශක්ති ප්‍රභවයක් වන ‘ඇඩෙනොයිසින් ට්‍රයිපොස්පේට්’ මට්ටම් ස්ථායි වීමට ආධාර කරයි.

🦵 මෙම ඛනිජ වල ඌනතාව පේශි සම්බන්ධ ගැටලු හා කෙණ්ඩා පෙරළීම් වලට තුඬු දිය හැකියි.

🦵 විටමින් බී12 වැනි පෝෂණ ඌනතා ද පේශී ක්‍රියාකාරීත්වයට බලපායි.


අධික ලෙස කකුල් වෙහෙසවීම හෝ එක දිගට බොහෝ වෙලාවක් සිටගෙන සිටීම

🦵 ඝන මතුපිටක දිගු වෙලාවක් සිටගෙන සිටීම, අඩි උස පාවහන් පැලඳ සිටීම, කකුල් වලට නොගැලපෙන පාවහන් පැලඳ සිටීම පේශි විඩාවට පත්වීමට බලපායි.

🦵 මෙය රාත්‍රී කාලයේ කෙණ්ඩා පෙරළීම් ඇතිකරවිය හැකියි.


ගර්භණීබව

🦵 ගර්භණී කාන්තාවන් රාත්‍රී කාලයේදි නිතර කෙණ්ඩා පෙරළීම් තත්වයන් ඇති වෙන්න පුළුවන්.

🦵 විශේෂයෙන්ම දෙවන ත්‍රෛමාසිකය ආරම්භයේ සිට තෙවන ත්‍රෛමාසිකයේ අවසානය දක්වාම මේ තත්වය පැවතිය හැකියි.

🦵 ගර්භණි කාලයේ මෙවැනි කෙණ්ඩා පෙරළීම් තත්වයන් නිතර රෑ දහවල් නොමැතිව ඇතිවේ නම් වෛද්‍යවරයා වෙත යොමුවන්න.


මන්දතයිරොයිඩතාව (හයිපොතයිරොයිඩිස්ම්)

🦵 තයිරොයිඩ් හෝර්මෝන අඩු මට්ටමක් ඇතිවීම මාංශ පේශී අප්‍රාණිකත්වයට හා රාත්‍රියේදි කෙණ්ඩා පෙරළීම් ඇතිවීමට වක්‍රාකාරව බලපායි. පාලනය නොකළ දියවැඩියාව

🦵 කෙණ්ඩා පෙරළීම් වලට දියවැඩියාව ද බලපෑ හැකියි.

🦵 පාලනය නොකළ දියවැඩියාව තත්වයේ සංකූලතා අතරින් එකකි.


මත්පැන් ඇබ්බැහිය

🦵 අධික මත්පැන් පරිභෝජනය සෞඛ්‍යයට අහිතකරය.

🦵 අධික මත්පැන් භාවිතය නිසා පර්යන්ත ස්නායු හානිවීමට ලක්විය හැකි අතර මෙය ඇල්කොහොලික් නියුරෝපති තත්වය ලෙස හඳුන්වයි.

🦵 පාද වල වේදනාව හා පේශී පෙරළීම් එහි ප්‍රධාන රෝග ලක්ෂණයි.


ඇතැම් ඖෂධ වර්ග

🦵 ඇතැම් ඖෂධ වල අතුරු බලපෑම් ලෙස රාත්‍රියේ කෙණ්ඩා පෙරළීම් ඇතිවීමට හේතු වෙනවා.

🦵 කොලෙස්ටරෝල් අඩුකරවන කාරක (ස්ටැටින්ස්) හා මූත්‍රාවර්ධක ඖෂධ සිරුරේ වතුර හා ඉලෙක්ට්‍රොලයිට අධිකව බැහැර වි යාමට හේතු වෙනවා.

🦵 මේ තත්වය කෙණ්ඩා පෙරළීම් ඇතිවීමේ ප්‍රවණතාව වැඩිකරයි.

🦵 අලුත් ඖෂධ වර්ගයක් භාවිතා කිරීමට පටන්ගත් පසු හදිසියේම කෙණ්ඩා පෙරළීම් තත්වයක් ඇති වුණොත් වෛද්‍යවරයා හමුවන්න.


රාත්‍රි කාලයේදි කෙණ්ඩා පෙරළීම් ඇතිවීම් වළක්වා ගන්නේ කොහොමද?

🟢 හොඳින් වතුර බොන්න.විජලනය වීම වළක්වාගැනීමට දිනකට වැඩි දියර ප්‍රමාණයක් පානය කරන්න.

🟢 මත්පැන්, කෝපි හා සෝඩා වැනි පාන වලින් වළකින්න.

🟢 පේශි නම්‍යතා (ස්ට්‍රෙචිං) ව්‍යායාම වල යෙදෙන්න.

🟢 නින්දට පෙර එක තැනක සිට පාපැදියක් පදවන ආකාරයෙන් මිනිත්තු 10 ක් ව්‍යායාමයේ යෙදෙන්න.

🟢 කෙණ්ඩා පෙරළීමක් ඇතිවේ නම්, අත් වලින් එම පේශිය මිනිත්තු 10-15 ක් සම්බාහනය කරන්න.ඇවිදීමට උත්සහ කරන්න.එවිට මොලයට පණිවිඩ ලැබී එම පේශිය සංකෝචනය වූ පසු ලිහිල් විය යුතු බවට සංඥා කෙරේ.

🟢 උණුසුමින් පේශිය තවන්න.

🟢 ලුණු මිශ්‍ර පානයක් ලබාගන්න.

🟢 පොටෑසියම් බහුල ආහාර පරිභෝජනය කරන්න (කෙසෙල්, රටඉඳි, මිදි, ගෝවා,දොඩම්, මාලු වැනි)

🟢 මැග්නීසියම් ලබාගන්න. (නට් හා ඇට වර්ග වල මේවා බහුලය.)

🟢 ගර්භණී කාන්තාවන් පෝෂක අතිරේක ගැනීමට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්න.       


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW