හෙලිකොප්ටරයෙන් උතුරට ගිය හේතුව රවී හෙලි කරයි
Ravi Karunanayake
Sri Lanka Politician
Sri Lanka
Sri Lankan political crisis
By Sithumi
තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් හාරදහසක් සඳහා සතොස වවුචර් ප්‍රදානය ප්‍රදානය කිරීමේ රැස්වීමකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මහතා මේ බව කීය.
හෙලිකොප්ටරයකින් උතුරට ගියේ කුමකටදැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ විට කරුණානායක මහතා පැවසූයේ
"ඇයි මට යන්න බැරිද? මම ආණ්ඩුවේ නැහැනේ.ඉතින් මට ඕනේ එකක් කරන්න පුළුවන්නේ.මම ආයෝජකයන් සමග ගිහින් රටට ඩොලර් එකතු කරන්න හදන විටත් එ් දෙසත් කුහකකමින් බලනවා.මාධ්‍යත් මේවා දැනගත යුතුයි"යනුවෙනි.
ආණ්ඩුවේ තනතුරක් බාර ගන්නවා දැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා පැවසූයේ අවශ්‍යවන්නේ තනතුරු නොව ජනතාවට උදව් කිරීම බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |