වෙසක් සැරසිලි තහනමක් නිසා ලැබුණ ඉතිරිය..
Vesak Full Moon Poya
Ranjith Siyambalapitiya
Sri Lanka
By krishani
විදෙස් වෙසක් සැරසිලි ආනයන තහනම් කිරීම තුළින් රුපියල් මිලියන 900 ක් රටට ඉතිරි කර ගත හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.
ඒ රුවන්වැල්ල ප්‍රදේශයේ අද (05) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ය.
මේ අතර, දේශිය අමුද්‍රව්‍ය යොදාගෙන සිදුකරන වෙසක් සැරසිලි නිර්මාණ සඳහා නව වෙළඳපලක් ඒ තුළින් නිර්මාණය වූ බවත් විදෙස් වෙසක් සැරසිලි ආනයනය තහනම් වුව ද වෙසක් සැරසිලිවල කිසිදු අඩුවක් දක්නට නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |