ඉදිරියේ දී ඖෂධ සහ පාරිභෝගික භාණ්ඩවල මිලට සිදුවන දේ ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි.
Ranjith Siyambalapitiya
Sri Lanka
By krishani
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග ඖෂධ, ආහාර ද්‍රව්‍ය, පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉදිරියේ දී තවදුරටත් පහළ යනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
ආනයන සීමා ලිහිල් කිරීම සිදුකරන්නේ නම් එය ගැඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බවත් අපනයනය සඳහා රුපියල ශක්තිමත් වීම තුළින් යම් බලපෑමක් එල්ල කළ ද එය තාවකාලික තත්ත්වයක් බවත් ඒ මහතා මෙහි දී පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |