බදු ගෙවීම මග හැරියොත් වෙන දේ ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

Ranjith Siyambalapitiya Sri Lanka
By krishani Mar 01, 2023 07:37 AM GMT
Report

සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හරින ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනාගැනීමට කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇත.

ඒ දේශීය ආදායම් දෙපාර්තම්නේතු නිලධාරීන් සමග අද (01) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ය.

රාජ්‍ය ආදායම පිළිබඳව වැඩි අවධානයක් යොමුව ඇති මෙවන් කාලවකවානුවක දී බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම සහ සමාන බදු පැහැර හරින පිරිස් හදුනාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ඔහු පවසන්නේ.