වැඩ බලන මුදල් අමාත්‍යවරයා පත් කරයි.
අද (23) අලුයම, ජපානයේ සහ සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් පිටත් විය.
ඒ හේතුවෙන් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත්කර තිබෙනවා.
ඒ යළි ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන තෙක් ය.
මේ අතර, ජනාධිපතිවරයා ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර මැයි මස 24 වන දින සිට 27 වන දින දක්වා ඔහු ජපානය තුළ රැඳිසිටීමට නියමිතයි.
ජපාන නිල සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් කලාපීය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමටත් නියමිතයි.
එමෙන්ම ජපාන නිල සංචාරය තුළ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබද 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට නියමිතව ඇත.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය, ජපාන - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |