රන්ජන් රාමනායක වෙනුවෙන් 09ක් එකතු වෙලා කරන්න හදන දේ මෙන්න.

Ranjan Ramanayake Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Aug 09, 2022 04:12 AM GMT
Report

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබීමෙන් පසු ඔහුට පදිංචි වීමට නව නිවසක් ලබාදීමට පුද්ගලයෝ නව දෙනෙක් ඉදිරිපත්වී සිටින බව වාර්තා වනවා.

නිදහස ලැබීමෙන් පසු තමන්ට ජීවත්වීමට නිවසක් නොමැති බව පසුගියදා අධිකරණය හමුවේ පෙනී සිට ආපසු බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී රන්ජන් රාමනායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

එම ප්‍රකාශය ඇසීමෙන් පසු රාමනායක මහතාට නිවසක් ලබාදීමට මෙසේ පුද්ගලයන් නවදෙනෙකුම ඉදිරිපත් වී ඇත.

මෙම පුද්ගලයන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුහු තමන්ට අයත් නිවාස මේ ආකාරයට රන්ජන් රාමනායක මහතාට නොමිලයේම ලබාදීමට ඉදිරිපත්ව සිටිති.

මෙම පුද්ගලයන් පවසන්නේ රාමනායක මහතා ජීවත්ව සිටින කාලය පුරාම කිසිම මුදලක් අය නොකර මෙම නිවාස වල ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සලසන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now