රංජන් නිදහස් කරගැනීමට සියලු ලිපි ලේඛන සූදානම්..! ජනපති අත්සනින් රන්ජන් එළියට
Ranil Wickremesinghe
Ranjan Ramanayake
Sri Lanka Politician
Department of Prisons Sri Lanka
Harin Fernando
By Sewvandhi
දැනට සිර දඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමට අදාළ වන ලිපි ලේඛන සියල්ල සකසා අවසන් කර ඇතැයි ඉඩම් හා සංචාරක ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා පවසයි.
එම ලිපි ලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍ය තිබෙන බව කී අමාත්‍යවරයා එය ලැබුණු සැනින් ජනාධිපතිවරයා විසින් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.
ඒ අනුව නුදුරු දින කිහිපයක් තුළදී රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වනු ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |