රන්ජන් නිදහස් කරන්න සියල්ල සූදානම්..වැඩබලන ජනපති අධිකරණ ඇමතිට කියූ දේ.

Dr Wijeyadasa Rajapakshe Ranil Wickremesinghe Ranjan Ramanayake
By Aruna Jul 17, 2022 04:44 AM GMT
Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරඳකරුවී බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා මූලික පියවර ගෙන ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩප රැස්වීමකින් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන දෙදෙනා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ එතනට පැමිණි විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඇමතූ රනිල් වික්‍රම සිංහ විමසා ඇත්තේ, කොතරම් දුරට රංජන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සාර්ථකවී ඇතිද යන්නයි.

මේ වන විටත් ඊට අදාල සියලු ලිපි ලේඛන සාදා අවසන්ව ඇති බවත්,අගවිනිසුරුවරයා වෙත අදාල ලේඛන යොමු කිරීමෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට හැකියාව ඇතිබව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now