රන්ජන් රාමනායක මහතාගේ නිදහස සම්බන්ධයෙන් වැඩබලන ජනාධිපති විශේෂ තීරණයක් ගනී..
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඊයේ(15) පස්වරුවේ පැවති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන හිටපු ඇමැතිවරුන් වැඩබලන ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
එම ස්ථානයට පැමිණි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාල සියලුම ලේඛන සකස් කර අවසන් බව ද ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගත යුතු ඉදිරි නීතිමය පියවර කඩිනමින් ගෙන රන්ජන් රාමනායක මහතා නිදහස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වැඩ බලන රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |