ආර්ථිකය විනාශයට වගකිව යුත්තන් කවුද..? ජනපති සොයයි.. තේරීම්කාර සභා පරීක්‍ෂණය මාර්තුවේ

Ranil Wickremesinghe Wickremesinghe Ranil Economy of Sri Lanka
By Sithumi Feb 26, 2023 12:32 PM GMT
Report

අපේක්‍ෂිත පරිදි ජාත්‍යන්තර අරමුදලේ ප්‍රතිපාදන මාර්තු මාසයේදී නොලැබුණහොත් රටේ අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් සංචිතයක් තබා ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

 ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මෙම අවස්ථාවේ රටේ වියදම් ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතු බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම රටේ දැනට සැලසුම් කර ඇති සියලු කටයුතු සඳහා එකවර මුදල් නිදහස් කිරීම අසීරු කටයුත්තක් වී ඇති බවද ජනාධිපතිවරයා එමගින් පෙන්වා දෙනවා.

මීට අමතරව රටේ ආර්ථිකය විනාශ කිරීමට වගකිව යුත්තේ කවුරුන් ද යන්න පිළිබඳව තේරීම්කාර සභා පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට වන මතය සමඟ තමන් ද එකග වන බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඒ සඳහා මාර්තු මස 03 වන සතිය වන විට අදාළ පියවර ගන්නා ලෙසට තමන් අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇති බවද ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.