ජනපති රනිල් තව අවුරුදු 13ක් ජනපති ධුරයේ සිටීමට බලාපොරොත්තුවක්..? ඔහු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න
නුවරට යොමු කලා. මෙම කරුණු පහළොවෙන් එක් කරුණක් පමණයි ප්‍රමාද වෙමින් තිබුණේ. ඒ විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කරුණයි. විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 230ක් අලාභයක් සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ ලබාගන්නා රාජ්‍ය බදු වලින් ආයතන නඩත්තු කරන්න යන්න එපා කියලා.
එහෙම වුනොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය ලැබෙන්නේ නෑ කියලා දන්වා තිබුණා. නමුත් මේ රටේ එක් පුද්ගලයෙක් විදුලි ගාස්තුව වැඩි කිරීමට ගත් තීරණයට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා සති හයක් ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වුණා. නැත්නම් ජනවාරි මාසය අවසන් වන විට අපට මෙය අවසන් කළ හැකිව තිබුණා. මේ වනවිට අපට ලබා දුන් කරුණු 15 ම ඉටුකර අවසන්. දැන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවස්ථාවයි. අපට ණය ලබා දී තිබෙන පැරිස් සමාජය ඉන්දියාව සහ චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණ තිබෙනවා. පැරිස් සමාජය ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දෙන ක්‍රමවේදයක් තිබෙනවා.
ඉන්දියාවට තවත් ක්‍රමවේදයක් තිබෙනවා. චීනය තවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. පැරිස් සමාජයේ රටවල් ඔවුන්ගේ ක්‍රමවේදයට අමතරව ඉන්දියාවේ ක්‍රමවේදයත් පිළිගෙන තිබෙනවා.නමුත් චීනයේ ක්‍රමවේදය ගැන තවම එකඟත්වයක් නෑ. මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් යෝජනා කළේ සියලුදෙනා එක් වේදිකාවකට පැමිණ සාකච්ඡා කරන්න කියලා. නමුත් චීනය ලෝක බලවතෙක් නිසා ඔවුන්ගේ ක්‍රමවේදය ඊට වෙනස්. එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී ජී- 20 රටවල්වල මුදල් ඇමතිවරු සාකච්ඡාවක් පවත්වනවා. ආර්ථිකය කඩා වැටුණු රටවල් වල ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න සම්බන්ධවයි එහිදි සොයා බැලීමට නියමිතයි. එතනදි චීන මුදල් ඇමතිවරයා සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ස්ථාවරය අනුව අප ක්‍රියාත්මක කිරීමට විකල්ප දෙක තුනක් තිබෙනවා.
අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර නොලැබුනොත් ඉදිරියට ඉන්ධන නැතුව, පැය 12ක පමණ විදුලි කප්පාදුවක් සමඟ ජීවත්වීමට සිදු වෙනවා. යල කන්නයට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ. මේ තත්ත්වය යටතේ ජනතාවට ඉතා අසීරුතාවකට මුහුණ දෙන්න වෙනවා. රටේ මූලික ප්‍රශ්නය ආර්ථික ගැටලුවයි. එය ඉලක්ක කර ගෙන තමයි අපි කටයුතු කළ යුත‍්තේ. එසේ නොමැතිව මේ ප්‍රශ්නය සැඟවිය නොහැකියි. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණය ආණ්ඩු මාරු කරන එකක් නොවෙයි. පළාත් පාලන ඡන්දය තිබෙන දිනය සම්බන්ධයෙන් උසාවිය තීන්දුවක් ලබාදේවි.
නමුත් රටේ ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුලු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳ ගත හැකි දෙයක් නෙවෙයි. ආර්ථිකය පවත්වා ගෙන යාමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එම නිසා පාර්ලිමේන්තුවේ 225 එක තැනකට පැමිණ වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කළ යුතුයි. අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණ, සමගි බලවේගය ,ඉරාන්, හර්ශ ගෙ යෝජනා වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සඳහා සහයෝගය ලබා දෙන්නත් පුළුවන්. සමහර දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ. ඔවුන් මේ සම්බන්ධයෙන් ජනතාවට බොරු කියලා දේශපාලන සෙල්ලමක් කරනවා .
අපට අනාගතය සම්බන්ධව සෙල්ලම් කරන්න බැහැ. රටේ තරුණ තරුණියන්ගෙ අනාගතයට අපි වගකිව යුතුයි. ඒ නිසා ආර්ථිකය ගොඩනැගීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. ඕනෑම අයකුට විකල්ප යෝජනා තිබෙනවා නම් මම කැමතියි වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන්න අවස්ථා ලබා දෙන්න. මම රට බාරගත්තේ කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවු අවස්ථාවකයි. රටේ ආර්ථිකය ගොඩනැගීමේ දී විවිධ බැනුම් අහන්න සිදුවෙනවා කියලා දැනගෙන තමයි ජනාධිපති ධූරය භාරගත්තේ. නමුත් රටේ ආර්ථිකය ගොඩනගන්න ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා.
මේ වසර අවසානය වන විට රටේ ජනතාවට යම් සහනයක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. ලබන වසර ආරම්භයේ සිට ආර්ථික සංවර්ධනයේ මූලාරම්භය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේ 225 කෙරෙහිම අද ජනතා විශ්වාසය නැති වෙලා. ඒ නිසා ඒ ජනතා විශ්වාසය නැවත දිනා ගැනීමටත් කටයුතු කළයුතුයි. . ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ආකාරය පිළිබඳව අපි සැලැස්ම ක්‍රියාත්මක කරමින් තිබෙනවා.ඒ සඳහා ඔබගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා
.මගේ විශ්වාසයක් තිබෙනවා 2024 වන විට අප නැවත සංවර්ධනය කරා ගමන් කරන බව. මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙසේද පැවසීය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අදාළ ගෙවීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එම නිසා එම ගෙවීම් පිළිබඳ සංගණනයක් කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම සංගණනය සිදු කළ වහාම ඉදිකිරීම්කරුවන්ට නියමිත ගෙවීම් සිදු කරනවා. මුදලින් ලබා දියහැකි ඒවා මුදලින් හා අනෙකුත් ඒවා බැඳුම්කර මගින් ලබා දෙනවා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම,අනුරාධ ජයරත්න, ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , මහනුවර නගරාධිපති කේසර සේනානායක ,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්. එස් සමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය ඒකකය