කිසිදු පක්ෂයක් විකල්ප යෝජනා ඉදිරිපත් කළේ නැහැ - ජනපති

By Sithumi Feb 21, 2023 12:08 PM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීම සඳහා විකල්ප යෝජනා සිදු කළේ, වාණිජ මණ්ඩලය පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ඒ අනුව වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා හෝ විකල්පයක් ඉදිරිපත් නොකළ බවයි ජනාධිපතිවරයා පැවසුවේ. අද (21) කොළඹදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සංවිධානය කළ මෙරට බදු ප්‍රතිපත්තිය පිළිබඳ සමුළුවකදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.