ඡන්දය ලංවෙද්දි ජනප්‍රිය තීරණ ගන්නවා.. ජනපති රනිල් මොකක්ද මේ කියන්නේ..?

Ranil Wickremesinghe President of Sri lanka
By Sithumi Feb 10, 2023 04:30 PM GMT
Report

ජනප්‍රිය තීන්දු ගැනීමට සිදුවන්නේ මැතිවරණ කාලවලදී බැවින් දැන් එළඹ ඇත්තේ ජනප්‍රිය තීන්දු නොව, රට ගොඩනැගීම සඳහා අසීරු තීරණ ගන්නා කාලය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොරියානු HYUNDAI මෝටර් රථයක් මෙරටදී පළමුවරට එකලස් කොට වෙළෙඳපොළට නිකුත් කිරීමේ අවස්ථාවට අද (10) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

 ශ්‍රී ලංකාව තුළ පළමුවරට එකලස් කරන ලද HYUNDAI GRAND i10 මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදුකෙරුණා. ඉන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. 

 "මට කිසිම සැකයක් නැහැ. තව මාස කිහිපයක් යනවිට මීට වඩා දියුණුවක් ඇති වෙනවා. ඒ අනුව එන වර්ෂය වෙනවිට වාහන ගන්න පාරිභෝගිකයින් බිහි වෙනවා. අලෙවියක් නැත්තම් ව්‍යාපාරිකයෙක් මුදල් ආයෝජනය කරන්නේ නැහැ." 

 "දේශපාලනඥයෙන් ජනප්‍රිය වෙනවා නම් ගන්න අකමැති තීරණ තිබෙනවා. නමුත් ඒ තීරණ දැන් අරගෙන තිබෙනවා. තව ටික කාලයක් තමයි මේ බර විඳින්න තියෙන්නේ." 

"මේ අසීරු තීරණ ගත්තේ නැත්නම්.. අද අපි මේ තත්ත්වයේ ඉන්නේ නැහැ. ජනප්‍රිය තීරණ ගන්න තියෙන්නේ මැතිවරණයක් ළං වෙනකොට. දැන් තියෙන්නේ ඒ තීරණ නෙමෙයි. රට දියුණු කරන තීරණ අරගන්න."