නිදහස් දින සැමරුම් වලට ජනපති දුන් කොන්දේසිය
75වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවවලට අද උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන අධිකාරිය මෙන්ම නිලධාරීන්ගේ ද ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කළ යුතු බවයි. ඒ, නිදහස් දින උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත සාකච්ඡාවේදීයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ 75 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මකකිරීමට නියමිත බවයි. විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය ඒ අතරින් කිහිපයක්.
මහජනතාවට නොමිලේ ජාතික උද්‍යාන හා ජාතික සත්වෝද්‍යාන ප්‍රදර්ශනය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම, මහනුවර ජනරජ පෙරහැර, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහස් පාපැදි සවාරිය ඇතුළු තවත් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතයි.