සමෘද්ධි නොමැති පවුල් ලක්ෂ 20ක් සදහා ලබාදෙන සහනයක් සම්බන්ධයෙන් ජනාධිපතිගෙන් ප්‍රකාශයක්..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Jan 15, 2023 12:59 AM GMT
Report

රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පෙරේදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී පැවසීය.

මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2024 වසරේ එම තත්ත්වයේ වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි මට්ටමකට පැමිණෙනු ඇති බව පැවසීය.

රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යමින් ජනතාවට සහන සැලසීමට නම් රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය ද ශක්තිමත් විය යතු බවත් ජනතාව විඳින දුෂ්කරතා තමන් අමතක කර නොමැති බවත්  කෙසේ හෝ ජනතාවට සහන ලබාදීමට  කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු, අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join