ජනපතිගෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ පණිවිඩයක්..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Jan 02, 2023 05:14 AM GMT
Report

2023 වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් මුළු රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් පැවසීය. 

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස් පහතින්,

"තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 8කට සීමා වෙන්නේ නැහැ.තමන්ගේ වැඩකටයුතු සතියේ දවස් 5කට සීමා වෙන්නේන නැහැ. 2023 අවසන් වන විට මේ රටේ සාමන්‍ය තත්ත්වයක් ඇතිකරමු කියලා බලාපොරොත්තුවෙන් ඔබ සියලුදෙනාගේ සාහයෝගය ඇතිව මේරට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා."