ශ්‍රී ලංකා ජනපති සම්බන්ධයෙන් ඊජිප්තුවෙන් සහතිකයක්..
ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසු වන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah Al Sisi) මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම එතුමා ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂා ඉටු කිරීමට වික්‍රමසිංහ මහතා ගන්නා සෑම වෑයමක්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට සහ දෙරටේ මිත්‍රශීලී ජනතාවට වඩාත් සමෘද්ධිමත් අනාගතයක් සහතික කිරීම සඳහා රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා උනන්දුවෙන් පසුවන බව ද ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපතිවරයා දන්වා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |