කෙතරම් පුද්ගලික පාඩු වුණත් රට හා ජනයා වෙනුවෙන් කැප වී ක්‍රියා කරනවා - ජනපති කළ ප්‍රකාශය..

Ranil Wickremesinghe President of Sri lanka Economy of Sri Lanka
By krishani Aug 07, 2022 07:35 AM GMT
Report

තමන්ට කෙතරම් පුද්ගලිකව පාඩු සිදුවුව ද රට හා ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම් සිදු කරන බවත් නීතියට අනුව සියල්ල සිදු කිරීමට තමා ක්‍රියා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) දිනයේ පස්වරුවේ කොට්ටාව - රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසුව ප්‍රකාශ කළේ ය.

එහිදි මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ කියා සිටියේ ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට මෙහෙයවීමට ජනාධිපතිවරයා සමත් වී ඇති බවය.

උන්වහන්සේ ඉදිරියේ දී ඇති විය හැකි සියලු අභියෝග ජයගැනීමට ජනාධිපතිවරයාට සිය ආශිර්වාදය ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join