ජනාධිපතිවරයාට ලොව ප්‍රබලයෙක්ගෙන් විශේෂ දුරකථන ඇමතුමක්..
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලනා දී ඇත.
ඒ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් පළ කිරිම සදහා ය.
ශ්‍රී ලංකාව ස්ථාවරත්වය සහ සාමය කරා ගෙනයාමට සහ රට මුහුණ දෙන තත්ත්වයන් ජය ගැනීමට අභිනව ජනාධිපතිවරයාට හැකි වේවායි ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනපති ෂෙයික් මොහොමඞ් ප්‍රාර්ථනා කොට තිබෙන අතර මෙම දුරකථන ඇමතුමේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සහ ජනාධිපති වික්‍රමසිංහ, මිත්‍ර රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා සහ ඒවා වැඩිදියුණු කිරීමේ ක්‍රම මෙන් ම, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කලාපීය සහ ගෝලීය ගැටලු ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළ බවට වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |