කැරලිකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා..! ජනපති ධජය ඉවත් කරනවා..! වැඩබලන ජනපතිගෙන් සුවිශේෂී තීරණ කිහිපයක්..(VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතනු ලැබුවා.
තමා වහා ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පත් වීමට නියමිත නව ජනාධිපතිට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම මෙම දින වකවානු කිහිපය තුළ සිදු කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.
වැඩබලන ජනාධිපති ලෙස තමා විශේෂ පියවර 2ක් ගන්නා බවත් ඒ අනුව ජනාධිපතිට මෙතෙක් භාවිත කළ 'අතිගරු' යෙදුම නිල වශයෙන් තහනම් කිරීමටත් ජනාධිපති කොඩිය අවලංගු කිරීමටත් කටයුතු කරන බව ඔහු අවධාරණය කළා.
එමෙන්ම අරගලකරුවන් සහ කැරලිකරුවන් ගැනද එතුමා සඳහන් කළා එම විශේෂ ප්‍රකාශය පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |