අද ජනපති ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරයි..

Ranil Wickremesinghe
By Aruna Jun 01, 2023 04:45 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ, අද රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රකෘත්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 තුළ රජය ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කරනු ඇති.

එමෙන්ම සමාජ, ආර්ථික හා දේශපාලිනක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතය.

රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉදිරිපත් කරනු ඇති.  

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now