ජනපති රටෙන් පිටව යයි..
Ranil Wickremesinghe
Sri Lanka
Japan Sri Lanka Relationship
By Sewvandhi
හෙට (23) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි.
ජනාධිපතිවරයා එළඹෙන 25 සිට 27 දක්වා ජපානයේ රැඳී සිටීමට නියමිතය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමත්‍ය Fumio Kishida සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇත.
මේ අතර ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී Nikkei Asia Forum වෙතද එක්වීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |