විශේෂ පිරිසකට ජනපතිගෙන් කැඳවීමක්..!

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Apr 23, 2023 07:55 AM GMT
Report

හෙට (24) පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළා.

ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ) ණය පහසුකම පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය සහ ඊට අදාළ ඡන්ද විමසීම පිළිබඳව මෙන්ම උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවනු ඇත.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now