ලබන 25 වෙනිදා ජනපති විශේෂ දෙයක් කරන්න යයි.. දේශපාලනයේ දැවැන්ත පෙරළියක්?...
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුකම පිළිබඳ විවාදය එළඹෙන 25 වනදා ආරම්භ කරමින් ඔහු මෙම ආරාධනාව කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලට සහාය පළ කරන්නයි විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එදිනට ආරාධනා කරන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.
විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මෙම දැනුම්දීම කළ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා මුලින්ම සියලු දෙනාට ආරාධනා කළ යුතු බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගියදා මාධ්‍ය වෙත කියා තිබුණා.
පක්ෂයක් ලෙස ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් කණ්ඩායම් වශයෙන් ඔහු තනි පුද්ගලයන් ලෙස තීන්දු ගත හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |