ජනපති ගෙන් මුලු රටටම විශේෂ පණිවුඩයක්..

Ranil Wickremesinghe Sri Lanka Economy of Sri Lanka
By Aruna Apr 13, 2023 12:23 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් සැමට සුභ පතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද් දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකට බවත් අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටින බවයි.

කෙසේ නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමින් බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

තවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමට බවයි.


එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණක් බව ද එම පණිවිඩයේ ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිට බවයි ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now