ජනපති අද හමුවූ විශේෂ පුද්ගලයා - (PHOTOS)
Ranil Wickremesinghe
Sri Lanka
Pakistan
By Sewvandhi
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර සමුද්‍රීය කලාපීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර නාවික කටයුතු වඩාත් පුළුල්ව ඉදිරියට ගෙන යෑම පිළිබඳව පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි මහතා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි, නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අවස්ථාවකදීයි. අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
මෙම හමුව සංකේතවත් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

