අරමුදල් නිකුත් කිරීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ, රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකි බවයි. සම්පුර්ණ වසර සඳහාම අයවැය සකස් කර ඇති බැවින් වියදම් සිදුකළ යුත්තේ සැලසුම් සහගතව ප්‍රවේසමෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන පරිදි මාර්තු මාසයේ දී ණය මුදල් නොලැබුණ හොත් සංචිතයක් තබාගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
පළාත් පාලන මැතිවරණ පිළිබඳව නිශ්චිත ඇස්තමේන්තුවක් නොමැති අතර මේ මොහොතේ තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් නිවැරදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස තමන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
මේ අතර ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්ථික අර්බුදය හමුවේ ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජින් ෆ්‍රැන්කොයිස් මහතා පවසයි.
තානාපතිවරයා පෙන්වාදෙන්නේ පැරිස් ආධාර කණ්ඩායම තුළත් ඉන් පිටතත් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ප්‍රංශ රජය සූදානම් බවය.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේ ප්‍රංශ තානාපතිවරයා එම අදහස් පළ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |