අද මධ්‍යම රාත්‍රීයෙන් පසු ජනපති අතට පත්වන විශේෂ බලය..!
ජනාධිපතිවරයාට, අද (20) මධ්‍යම රාත්‍රීයෙන් පසු ඕනෑ ම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමි වනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තිය ප්‍රකාරවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි, "පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නො අඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා නොහැරිය යුත්තේය." යන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලය හිමි වනවා
මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2020 මාර්තු මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවූ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම මැතිවරණය පැවැත් වුණේ 2020 වසරේ අගෝස්තු 05 වැනි දිනයි.
ඒ අනුව හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් එම වසරේ අගෝස්තු 20 වැනි දා නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැඳ වූ අතර ඉන් වසර දෙකකුත් මාස හයක කාලයක් ගෙවෙන අද (20) දින මධ්‍යම රාත්‍රියේ සිට ජන විරෝධය මත ඉල්ලා අස් වූ හිටපු ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථානුකූලව මෙම හැකියාව උදා වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |