මල්වතු - අස්ගිරි ස්වාමීන්වහන්සේලා සමග ජනපති විශේෂ සාකච්ඡාවක

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Feb 19, 2023 12:37 PM GMT
Report

 ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවන්හි ස්වාමීන්වහන්සේලා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා එක්ව ඇති බවයි.

එම සාකච්ඡාව මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. එහිදී පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බවට මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති අවධාරණය කර තිබේ.

මේ අතර පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ස්වාමින් වහන්සේලාට විනය ක්‍රියාත්මක කිරීමේ දී ආයතනික විනයට අමතරව අදාළ නිකාය විනයටද අවනත වන පරිදි සිදුකිරීමට අවශ්‍ය නීති වෙනස් කරන බව ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

මේ අතර බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභාවන්හි ස්වාමීන් වහන්සේලා කළ ඇරයුම ජනපති පිළිගත් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now